උතුරු පළාතේ රාජ්‍ය නිලධාරීන් සඳහා දෙවන භාෂා පුහුණු පාඨමාලාවක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ආරම්භ කළා.
රාජ්‍ය නිලධාරීන් සිය රාජකාරීවල නිරත වීමේදී මව් භාෂාවට අමතරව තවත් භාෂාවක් පිළිබඳ දැනුම පැවතීම වැදගත් වනවා. ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ට දෙවන භාෂා පුහුණු පාඨමාලාවක් ලබාදීමට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පියවර ගත්තා. දැනට රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන්ට මෙන්ම අලුතෙන් රාජ්‍ය සේවයට එක්වන උපාධිදාරීන්ට ද මෙම පාඨමාලාව හැදැරීමේ අවස්ථාව උදාවන බව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රින්ස් සේනාධීර මහතා පවසනවා. දෙමළ භාෂාව භාවිත කරන රාජ්‍ය නිලධාරීන් පිරිසක් සිංහල භාෂා පාඨමාලාව හැදැරීමෙන් පසු සහතික පත් ප්‍රදානය වෙනුවෙන් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post උතුරු පළාතේ රාජ්‍ය නිලධාරීන් සඳහා දෙවන භාෂා පුහුණු පාඨමාලාවක් appeared first on ITN News.
Post a Comment