Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහනුවර ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ ජනපති නිරීක්ෂණයට  

Add comments

වසර 400කට වඩා ඉපැරණි මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු අද (06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ දී සිර මැදිරියක් හා පසුකාලීනව රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගොඩනැඟිල්ල නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගෙන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සංවර්ධනය කෙරිණ.

ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සියල්ල මුල් වකවානුවේ පැවති වලව්වේ පෞරාණික සැලැස්මට හානියක් නොවන පරිදි සිදු කර තිබේ. ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිම කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

දියවඩන නිලමේ නිලංග දෑල මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

The post මහනුවර ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ ජනපති නිරීක්ෂණයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG