Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිළියන්දල පොදු වෙළෙදපොල සහ මහජන වෙළෙදපොල ඉදිකිරීම ඇරඹෙයි  

Add comments

පිළියන්දල පොදු වෙළෙදපොල සහ මහජන වෙළෙදපොල ඉදිකිරීම ආරම්භ වුණා. ඒ අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්.

පිළියන්දල නගර මධ්‍යයේ කලක්පුරා පැවති අඩුපාඩුවක් සම්පූර්ණ කරමිනුයි මෙම පොදු වෙළෙදපොල ඉදි කෙරෙන්නේ. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 498ක්. බිම් මහලේ සහ ඉහළ මහලේ වෙලෙදසල් 193ක් සදහා ඉඩ වෙන්කර තිබෙනවා. ඊට අමතරව එළවලු සහ පළතුරු අලෙවිය සදහා වෙළෙදසල් 208 ක් ද සකස් කර තිබෙනවා. සනීපාරක්ෂක පහසුකම්,  ඒටීඑම් යන්ත්‍ර වාහන නැවැත්වීම සදහා පහසුකම් ඇතුළු යටිතල පහසුකම් රැසක් මෙම පොදු වෙලෙදපොලට ඇතුළත්කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සදහන් කළේ අර්බුධකාරී තත්ත්වයක් හමුවේ රට නිවැරදි දිශාවට ගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

 

 

 

The post පිළියන්දල පොදු වෙළෙදපොල සහ මහජන වෙළෙදපොල ඉදිකිරීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG