වැලිගම මිදිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය පිළිබද වැලිගම පොලිසිය පරික්ෂණ සිදුකරනවා.
මිදිගම තුර්කි ගම්මානයේදී සිදුවූ වෙඩි තැබීමකින් එම ගම්මානයේ පදිංචි 46 හැවිරිදි තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙම පුද්ගලයා මාතර අධිකරණයේ පැවති නඩු කටයුත්තක් සදහා ඊයේ උදෑසන පෙනී සිට තිබෙනවා. අනතුරුව ඊයේ සවස් යාමයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකුයි මොහුට වෙඩි තබා පලාගොස් ඇත්තේ.
වැලිගම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්යබලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයද පරික්ෂණ කටයුතුවලට එක්ව සිටිනවා.
The post මිදිගම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබද විශේෂ පරික්ෂණයක් appeared first on ITN News.
Post a Comment