ඔලිම්පික් උළෙලට සහභාගි වන සියලුදෙනා වසංගත වැළැක්වීමේ අත්පොතෙහි රෙගුලාසි අනුගමනය කරන්නැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉල්ලා සිටී
බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ ප්‍රගතිය විග්‍රහ කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඊයේ (5) ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නියෝජිතයන්, ජාතික සහ කලාපීය ඔලිම්පික් කමිටු සහ ජාත්‍යන්තර ශීත ඔලිම්පික් සංගමය සමඟ රැස්වීම් මාලාවක් පැවැත්වීය.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ, බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති Juan Antonio Samaranch මහතා එහිදී පැවසුවේ, ඔලිම්පික් උළෙලට සහභාගිවන්නන් බෙයිජිං වෙත පැමිණීමට පටන් ගෙන ඇති බවයි. එමෙන්ම, සියලු සහභාගිවන්නන් සහ චීන ජනතාව සඳහා ආරක්ෂිත ශීත සෘතු ඔලිම්පික් උළෙලක් සඳහා වන සියලු කටයුතු සැලසුම් කළ පරිදි මනාව සිදුවෙමින් පවතින බව ද ඔහු කියාසිටියේය.
බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලේ සංවෘත ජෛව බුබුළු කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙමින් පවතී. එසේම පැමිණීමේ ක්‍රියා පටිපාටි මනා යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ඔලිම්පික් දෙපාර්තමේන්තුවේ විධායක අධ්‍යක්ෂ Christophe Dubi මහතා පැවසීය. උළෙලට සහභාගි වන සියලුදෙනා බෙයිජිං නගරයට පැමිණීමට පෙර සිටම 2022 බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් සහ ශීත ඍතු පැරාලිම්පික් සඳහා වන වසංගත වැළැක්වීමේ අත්පොතෙහි රෙගුලාසි අනුගමනය කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා එහිදී පැවසුවේ පිටත්ව යාමට දින කිහිපයකට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඔලිම්පික් සිහින වියැකී නොයන බවට සහතික වීම සඳහා සෑම උත්සාහයක්ම ගත යුතු බවයි.
The post ඔලිම්පික් උළෙලට සහභාගි වන සියලුදෙනා වසංගත වැළැක්වීමේ අත්පොතෙහි රෙගුලාසි අනුගමනය කරන්නැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉල්ලා සිටී appeared first on ITN News.
Post a Comment