Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මියන්මාරයෙන් මිලදී ගන්න රජය තීරණය කරයි  

Add comments

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මියන්මාරයෙන් ආනයනය කරන ගිවිසුමට අද එළඹුණා.

ආරක්ෂිත සහල් තොගයක් ලෙස මෙය තබා ගැනීම සදහායි කඩිනමින් ම ආනයනය කෙරෙන්නේ. සහල් අවශ්‍යතාවක් ඇති වුවහොත් වහාම වෙළෙදපොළට නිකුත් කිරීම සදහා මෙසේ ආරක්ෂිත සහල් තොගයක් තබා ගැනීම රජයේ අරමුණයි. දෙරට අතර මෙම ගිවිසුමට එළඹුනේ සූම් තාක්ෂණය ඔස්සේයි. ඒ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. පෞද්ගලික අංශයේ සබදතාවකින් තොරව දෙරට රජයන් අතර මෙම ගණුදෙනුව සිදු කෙරෙනවා. මියන්මාරයෙන් ආනයනය කරන සහල්වලට අමෙරිකා ඩොලර්වලින් ගෙවීම් සිදු නොකිරීම ද විශේෂත්වයක්. ඒ වෙනුවට ගෙවීම් සිදු කෙරෙන්නේ මියන්මාරයේ භාවිත කෙරෙන රින්ගිත් නමැති මුදල් ඒකකයෙන්. මෙරටට ආනයනය කරන සහල් තොගය වේයන්ගොඩ විශේෂ සහල් ගබඩාවේ ගබඩා කර තැබීමට නියමිතයි. එමෙන්ම මෙම සහල් වෙළෙදපොළට නිකුත් කිරීමට අවශ්‍ය වුවහොත් කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 100 කටත් වඩා අඩු මුදලකට ලබාදීමටයි සැළසුම් කර ඇත්තේ.

 

 

The post සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මියන්මාරයෙන් මිලදී ගන්න රජය තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG