දේශීය පොල් ආශ්‍රිත නිෂ්පාදන සතොස අලෙවි ජාලය හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරුණා.
මෙරට පොල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ප්‍රමුඛතම ආයතනයක් වන සිල්වමිල් ආයතනයේ නිෂ්පාදන මෙසේ සතොස හරහා අලෙවි කිරීමට නියමිතයි. එම නිෂ්පාදන සතොස වෙත හදුන්වාදීම ආචාර්ය බන්දුල ගුණවර්ධන, වෛද්‍ය රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ලංකා සතොස සභාපති ආනන්ද පීරිස් සිල්වමිල් නැචුරල් බෙවරේජස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේෂ් සිල්වා යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්වුණා. සිල්වමිල් ආයතනය මෙරට පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන ප්‍රමුඛතම සමාගමක් වනවා.
The post දේශීය පොල් ආශ්‍රිත නිෂ්පාදන සතොස අලෙවි ජාලය හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment