Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්‍රේනයට සහාය දෙන්නැයි රටවල් 14ක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි – ශ්‍රී ලංකාණ්ඩුව නිහඬයි  

Add comments

යුක්‍රේනයට සහාය දක්වන ලෙස බටහිර රටවල් 14ක තානාපතිවරුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාව, කැනඩාව බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 14ක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ඒකාබද්ධ නිවේදනයක් ලෙස මෙම ඉල්ලීම සිදුකළා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ.

පසුගිය කාල වකවානුව තුලදී රුසියාව ජාත්‍යන්තර සබදතාවලදී ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය සම්බන්ධයනේ ද ශ්‍රී ලංකා රජයේ දැඩි අවධානය යොමුවී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

බටහිර රටවල් රැසකින් ශ්‍රී ලංකාවට පීඩනයන් එල්ලවූ අවස්ථාවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රුසියාව අවස්ථා ගණනාවකදී පෙනී සිටියා.

වෙළෙද, වාණිජ හා ආරක්ෂක කටයුතු වලදී රුසියාව සිය සමීප හිතවතෙකු ලෙසයි ශ්‍රී ලංකාව සලකන්නේ.

 

 

The post යුක්‍රේනයට සහාය දෙන්නැයි රටවල් 14ක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි – ශ්‍රී ලංකාණ්ඩුව නිහඬයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG