Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආනයනික කිරිපිටි මිල නැවතත් ඉහළට  

Add comments

ආනයනික කිරිපිටි මිල නැවතත් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර  තිබෙනවා. ඩොලර් සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස මිල වැඩි කිරීමක් සිදු කිරීමට අවශ්‍ය බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ.

කෙසේ වෙතත් දේශීය කිරිපිටිවල මිල ඉහළ යාමක් සිදුවන්නේ නැති බවත් අප්‍රේල් මස සිට බෙදා හැරීම් කටයුතු සාමාන්‍ය පරිදී සිදුවන බවත් අදාළ සමාගම් ප්‍රකාශ කරනවා.

ආනයනික කිරිපිටි මිල නැවතත් ඉහළ දැමීම සදහා කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුව සාකච්ඡා කර අවසන් තීරණයක් අද දිනයේදී ගන්නා බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කියා සිටියේ. ඒ අනුව කිලෝග්‍රෑම් 1 ආනයනික කිරි පැකට්ටුවක් රුපියල් 500කින් හෝ 600කින් ඉහළ දැමීමටත් ග්‍රෑම් 400 කිරි පැකට්ටුව රුපියල් 260කින් ඉහළ දැමීමටත් යෝජනා වී ඇති බවයි සදහන් වන්නේ. පාරිභෝගික කටයුතු අධිකාරියටත් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත්කර තිබෙනවා. පාලන මිලක් නොමැති හෙයින් එසේ ඉල්ලීම් කළ හැකි බවයි එහිදී පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ.

ආනයනික කිරිපිටි කිලෝවක් දැනට වෙළෙදපොලේ රුපියල් 1345කට අලෙවිවනවා. ඒ අනුව රුපියල් 1845කට අධික මිලකට ආනයනික කිරිපිටි කිලෝවක් අලෙවි වීමට නියමිතයි. ග්‍රෑම් 400 පිටි පැකට්ටුව අලෙවි වන්නේ රුපියල් 540ක මුදලකටයි. ඒ අනුව එහි නවමිල රුපියල් 800ක් දක්වා ඉහළ යනු ඇති. පසුගිය දෙසැම්බර් 30 වනදා අවසන්වරට ආනයනික කිරිපිටිවල  මිල ගණන් ඉහළ දැමුවේ ආනයනික කිරිපිටි කිලෝ 1 පැකට්ටුව රුපියල් 150කින් සහ ග්‍රෑම් 400 රුපියල් 60කිනුත් ලෙසයි. මෙවන් පසුබිමක වෙලෙදපොලේ මේ වන විට කිරිපිටි හිගයක් ද පවතිනවා.

 

The post ආනයනික කිරිපිටි මිල නැවතත් ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG