ගත වූ පැය 24ට ලොව පුරා රටවල් 225කින් හමු වී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ එකොළහ ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 2902ක්.
ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමු වී ඇත්තේ දකුණු කොරියාවෙන්. එම සංඛ්‍යාව තුන්ලක්ෂ තිස්පන්දහසකට ආසන්නයි. එමෙන්ම වියට් නාමයෙන් එක්ලක්ෂ හතළිස් එක් දහසක්ද, ජර්මනියෙන් අනූදහසක්ද, ප්‍රංශයෙන් අසූඑක්දහසක් හා ඉතාලියෙන් හැටදහසක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. එමෙන්ම ඊයේ දිනයට සිදු වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 434 සිදුව ඇත්තේ රුසියාවෙන්. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටඑක්ලක්ෂ එක්දහස් දහතුන දක්වා ඉහළ ගියා. හමුව ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හතළිස් හත් කෝටි දස ලක්ෂයක ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.
The post ගත වූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment