චීනයේ සහ ශ්‍රී ලංකාවේ වියතුන් හා විශේෂඥයන්ගේ මාර්ගගත සංවාද සම්මන්ත්‍රණයක් පැවැත් වුණා. ඒ, 18වැනිදා නිරිතදිග චීනයේ යුනාන් පළාතේ අගනුවර වන කුන්මිංහිදීය.
චීන-ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වල 65 වැනි සංවත්සරය සහ රබර් – සහල් ගිවිසුම අත්සන් කිරීමේ 70 වැනි සංවත්සරය සමරමින් දෙරටේ විද්වත්හු සහ ව්‍යවසාය නියෝජිතයෝ 200කට ආසන්න පිරිසක් වීඩියෝ ආකාරයෙන් මෙම අවස්ථාවට සහභාගි වූහ.චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්යදූත මණ්ඩල ප්‍රධානි සහ දේශපාලන උපදේශක Hu Wei යන මහත්වරු සමුළුවේදී දේශන පැවැත්වූහ.
2021දී, යුනාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර මුළු වෙළඳාම ඇමරිකානු ඩොලර් මිලියන 50.9 දක්වා ළඟා වූ අතර එය 68.7%ක වර්ධනයක් බව පළාත් විදේශ කටයුතු කාර්යාලයේ නියෝජ් යඅධ්යක්ෂ ජනරාල් Xia Jianfeng මහතා පැවසීය. Yunnan හි අපනයන හා ශ්‍රී ලංකාවේ ආනයනය පිළිවෙළින් 67.3%කින් සහ 133.3%කින් ඉහළ ගොස් ඇති අතර එය ප්‍රබල විභවතාවක් පෙන්නුම් කර ඇත.
ජාත්‍යන්තර සහ කලාපීය කරුණු රැසක් සම්බන්ධයෙන් දොරටු පුළුල් එකඟතාවකට පැමිණ ඇති බවත් මනා සහයෝගිතාවක් පවත්වාගෙන යන බවත් සමුළුවට එක්වූ විද්වත්හු කියා සිටියහ. අන්‍යෝන්‍ය ප්රතිලාභ සහ පොදු සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වය ආර්ථිකය, වෙළඳාම, නවබලශක්ති, වරාය, ඩිජිටල් ආර්ථිකය සහ වෙනත් ක්ෂේත්රවල හුවමාරු සහ සහයෝගිතා තවදුරටත් පුළුල් කළ යුතු බව ඔවුන්ගේ විශ්වාසයයි.
The post චීන-ශ්‍රී ලංකා විද්වත් හා විශේෂඥ සහයෝගිතාව තර කෙරේ appeared first on ITN News.
Post a Comment