යුක්‍රේනයේ පිහිටි යුරෝපයේ විශාලතම න්‍යෂ්ඨික බලාගාරයට පහර දුන් රුසියානු හමුදා එම ප්‍රදේශය ද මේ වන විට ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගෙන තිබෙනවා. යුක්‍රේනයේ කියෙව් අගනගරය ඇතුළු ප්‍රධාන නගර වෙත එල්ලකරන ෂෙල් වෙඩි සහ රොකට් ප්‍රහාර ද තවදුරටත් දැඩි කර ඇති බවයි වාර්තා වන්නේ.
යුරෝපයේ විශාලතම න්‍යෂ්ඨික බලාගාරය ලෙස සැලකෙන යුක්‍රේනයේ පිහිටි සපෝරිසියා න්‍යෂ්ඨික බලාගාරයට බර අවි ප්‍රහාරයක් එල්ල කොට එම ප්‍රදේශයේ පාලනය තමන් සතු කර ගැනීමට රුසියානු හමුදා සමත්වුණා. එහි කාර්ය මණ්ඩලය තවදුරටත් බලාගාරයේ කටයුතු සිදු කර ගෙන යාම සදහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ උපකාර ඉල්ලා ඇති බවද වාර්තා වනවා. ප්‍රහාරයත් සමග ඇතිවූ ගින්න හේතුවෙන් න්‍යෂ්ටික බලාගාරය ආසන්න ප්‍රදේශයේ විකිරණ මට්ටම ඉහළ ගොස් තිබෙනවා. යම් හෙයකින් මෙම බලාගාරයේ පිපිරීමක් සිදුවූවහොත් එය චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ ඇතිවූ පිපිරීමට වඩා දස ගුණයක් විශාලවනු ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. යුක්රේනය සතු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක 15 න් 6 ක් ම සපෝරිසියා න්‍යෂ්ඨික බලාගාරය තුළ පිහිටා ඇති බවයි පැවසෙන්නේ.
The post යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරය රුසියාව යටතට appeared first on ITN News.
Post a Comment