රුසියානු යුක්රේන අර්බුධය විසඳා ගැනීමට සියළු පාර්ශව සහයෝගය දැක්විය යුතු බව චීන ජනාධිපති ෂි ජින් පිං ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හට ප්‍රකාශ කර තිබෙනවා. කෙසේවෙතත් ඇමෙරිකා ජනාධිපතිවරයා ඒ සඳහා කිසිදු ඒකඟතාවක් පළ කර නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කී රුසියාව සමඟ අර්ථවත්, සාමය සහ ආරක්ෂක සාකච්ඡා ප්‍රමාදයකින් තොරව සිදු කළ යුතු බවට ඉල්ලීමක් කර තිබෙනවා.
රුසියා ජනාධිපතිවරයා විඩීයෝවක් මුදා හරිමින් සඳහන් කළේ රුසියානු ප්‍රහාරයට ලක් වූ නගරවලට මානුෂීය සැපයුම් රුසියානු හමුදා හිතාමතාම අවහිර කරන බවයි.
රුසියානු යුක්රේන අර්බුධය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂි ජින් පිං අතර දුරකථන සංවාදයක් ඇතිව තිබෙනවා. විඩීයෝ තාක්ෂණය ඔස්සේ පැවති මෙම සාකච්ඡාව පැය 2 කට ආසන්න කාලයක් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්රේනය ආක්‍රමණය කිරීමේ දී චීනය රුසියාවට සහාය දක්වන්නේ නම් ඒහි ප්‍රතිවිපාක ද චීනයට මුහුණ දිය යුතු බව ඇමෙරිකා ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පෙන්වා දී තිබෙනවා.
මේ අතර යුක්රේනයේ මරියුපෝල් නගරයේ දරුණු ගැටුම් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියානු හමුදා මරියපෝල් නගරයේ මධ්‍යය ප්‍රදේශයට පැමිණීම හේතුවෙන් මෙම ගැටුම් උත්සන්න වී ඇති බවයි වාර්තා වන්නේ. නගර මධ්‍යයයේ වෙඩි හුවමාරුවීම් සිදුවන බවයි මරියපෝල් නගරාධිපතිවරයා සදහන් කරන්නේ. සති දෙකකට වැඩි කාලයක් මරියපෝල් නගරයේ පුද්ගලයින් ලක්ෂ 4කට වැඩි පිරිසක් සිරවී සිටිනවා. ඊයේ දිනය වන විට මරියුපෝල් නගරයෙන් 5000කට ආසන්න පිරිසක් ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා. තවමත් මරියුපෝල් නගරයේ විදුලිය නොමැති අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍යද හිගවී තිබෙනවා.
රුසියා යුක්රේන ගැටුම් හේතුවෙන් යුක්රේනයේ පුද්ගලයින් මිලියන 6.5ක් අවතැන්ව ඇති බව ඒක්සත් ජාතීන්ගේ සංක්‍රමණික ඒජන්සිය පවසනවා. දැනටමත් යුක්රේන සරණාගතයින් මිලියන 3.2ක් රට හැර ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ඇස්තමේන්තු වලට අනුව සිරියාවේ විනාශකාරී යුද්ධයෙන් මිලියන 13 ක පමණ ජනතාවක් අවතැන් වී ඇති අතර යුක්රේනයේ ඒම මට්ටම සති තුනක කාලයක් තුළ දී ඉතා වේගවත් අයුරින් සිදු ව ඇති බව ඒම සංවිධානය පෙන්වාදෙනවා. මේ අතර රුසියා යුක්රේන ගැටුම් ආරම්භ වූ දින සිට මේ දක්වා සිවිල් වැසියන් 816 ජිවිතක්ෂයට පත්ව ඇති බව ඒක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
මේ අතර රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේන යුද්ධය අවසන් කර සාමය උදා කිරීම සඳහා කොන්දේසි 6ක් ඉදිරිපත් කර තිබෙනවා. යුක්රේනය නොටෝ සංවිධානයේ සමාජිකත්වය ලබා නොගත යුතු අතර ක්රයිමීයා අර්ධද්වීපය රුසියානු භූමියක් ලෙස යුක්රේනය පිළිගත යුතු බවයි රුසියා ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ඒමෙන්ම ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ජනරජ නිදහස් රාජ්‍යයන් ලෙස පිළිගත යුතු වනවා. රුසියාවට තර්ජනයක් වන සියලුම අවිආයුධ යුක්රේනය බිම තබා නිරායුධ වන ලෙසට ද තවත් කොන්දේසියක් පවතිනවා. කෙසේවෙතත් යුක්රේන රජය පවසන්නේ රුසියාව ඉදිරිපත් කර ඇති කොන්දේසි යථාර්ථවාදී නොවන බවයි.
The post කල්නොයවා සාම සාකච්ඡාවලට එන්න සෙලෙන්ස්කි පුටින්ගෙන් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment