ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය සංවිධාන කරන බිල්ඩ් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ සමාරම්භය අද සිදුවුණා.
ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය 17 වෙනි වරටයි මෙම ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ. ප්‍රදර්ශනය අනිද්දා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා. අධිකරණ අමාත්‍ය අලි සබ්රි, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යන අයගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ආරම්භ කෙරුණා. ප්‍රදර්ශන කුටි 200කින් සමන්විත මෙහිදී ප්‍රධානම පාර්ශ්වකරුවන් සමග ඉදිකිරීම් සම්බන්ධයෙන් විවිධ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ අවස්ථාව උදාවනවා. විදේශීය වෙලෙදකුටි කිහිපයකින් ද මෙය සමන්විතයි.
ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඉංජිනේරු මේජර් රංජිත් ගුණතිලක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. මෙහි මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයයි.
The post Build SL ප්‍රදර්ශනය ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment