යුක්රේනයේ ලිවිව් ගුවන්තොටුපලට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කියෙව් නගරයෙන් ජනතාව මේ වන විට ඉවත් කිරීම ද මේ වන විට සිදු වෙමින් වතින බවයි වාර්තා වන්නේ.
යුක්රේනයේ ලිවිව් ගුවන්තොටුපලට ද මීට සුළුවේලාවකට පෙර ප්‍රහාරයක් එල්ල වී ඇති බවට නිල නොවන ආරංචිමාර්ග සදහන් කළා. ලිවිව් ගුවන්තොටුපලෙන් විශාල දුමාරයක් නැගෙමන් තිබෙන බවයි එහි සිටින විදෙස් මාධ්‍යකරුවන් සදහන් කලේ. කියෙව් නගරයෙන් ජනතාව ඉවත් කිරීම මේ වන විට සිදු වෙමින් වතින බව වාර්තා වනවා.
ඊයේ දිනයේදී යුක්රේනයේ මරියුපෝල් ඇතුලු නගරවලින් පුද්ගලයන් 3810 දෙනෙකු පමණ සරණාගතගයින් ලෙස වෙනත් රටවලට පලාගොස් තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 05 වන වරටත් හමුවී යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. එහිදී රුසියාව ද විශේෂිත යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්රේනය තුළ සිවිල් ජනතාවට ආරක්ෂාව සහ ආධාර සැපයීම එම යෝජනා මාලාවට ඇතුළත්.
මේ අතර එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කෙන් සදහන් කර තිබුණේ රුසියාව යුද අපරාධ සිදු කරමින් සිටින බවයි. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අද දිනයේදී චීන ජනාධිපති ෂී ජින් පින් සමග දුරකතන සංවාදයක් සිදු කිරීමට සැළසුම් කර තිබෙනවා. රුසියාවට සහයෝගය දැක්වීමට විරෝධය පාමින් ඇමෙරිකා ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වනු ඇති බවයි දේශපාලන විශ්ලේශකයින් පවසන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධාන නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රුසියාව යුක්රේනයේ රෝහල් ඇතුලු සෞඛ්‍ය සේවා සපයන ස්ථාන 43 කට ප්‍රහාර එල්ල කර ඇති බවයි.
ජපානය ද රුසියාවේ නිලධාරීන් සහ සංවිධාන ඉලක්ක කරගනිමින් සම්බාධක පනවා තිබෙනවා. ඒ අනුව රුසියා ජාතිකයන් 15 දෙනෙකුට සහ සංවිධාන 09 කට අයත් වත්කම් තහනම් කිරීමට කටයුතු කරන බව ජපන් රජය නිවේදනය කළා.
ඕස්ට්‍රේලියාව ද රුසියාවෙ බිලියනපතියන් දෙදෙනෙකු සහ බැංකු 11 ක් ඉලක්ක කරගනිමින් සම්බාධක පැනවීමක් සිදු කළා. චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් රුසියා තානාපතිවරයා හමුවීමට ඊයේ කටයුතු කළා.
The post ලිවීව් ගුවන්තොටුපලට දැවැන්ත ප්‍රහාරයක් – කියෙව් නගරයෙන් යුක්රේන් ජනතාව ඉවතට appeared first on ITN News.
Post a Comment