Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක සාමය හා ආරක්ෂාව වෙනුවෙන් චීනයත් ඇමරිකාවත් වගකීමෙන් ක්‍රියා කළ යුතු බව චීන ජනපති ඇමරිකානු ජනපතිට කියයි  

Add comments

ලෝක සාමය හා ආරක්ෂාව වෙනුවෙන් චීනයත් ඇමරිකාවත් වගකීමෙන් ක්‍රියා කළ යුතු බව චීන ජනපති ඇමරිකානු ජනපතිට කියයි

චීන-ඇමරිකානු ජනාධිපතිවරු වීඩිලයෝ සංවාදයක් පවත්වති. එම සංවාදය ඊයේ (18) රාත්‍රි පැවැත්විණි. පසුගිය ලනාවැම්බර් මාසයේ එම නායක ලදපළ මාර්ගගත සාකච්ඡාවක් පවත්වා තිබිණ. එම සාකච්ඡාලවන් පසු, ජාතයන්තර තත්ත්වය විශාල වශයෙන් වෙනස් වී ඇතැයි චීන ජනාධිපති ෂී ජින්පං මහතා මෙහිදී පැවසීය. චීනය සමඟ අවංක සංවාදයක් පවත්වා සහයෝගිතාව ශක්තිමත් කරමින්, එකම චීනය යන ප්‍රතිපත්තියට අනුගතව තරඟකාරිත්වය සහ වෙනස්කම් ඵලදායී ලෙස පාලනය කරමින් දෙරට සබඳතාව ස්ථාවරත්වය ප්‍රවර්ධනයට ඇමරිකාව කැමැත්ලතන් සිටින බව ජෝ බයිඩන් මහතා පැවසීය.

චීනය සහ අලමරිකාව අතර අතීතලේ සහ වර්තමානයේ වෙනස්කම් පවතින බවත්, අනාගතයේ්‍ දී ද වෙනස්කම් ඇති වනු ඇති අතර, ප්‍රධාන වශයෙන් යුත් වෙනස්කම් මනාව පාලනය කිරීම යැයි ෂී ජින්පං මහතා අවධාරණය කළේය. ස්ථාවරව වර්ධනය ලවමින් පවතින චීන-ඇමරිකානු සබඳතාව ලද පාර්ශ්වයටම වාසිදායක වන බව චීන ජනාධිපතිවරයා සඳහන් කළේය. යුක්රේන අර්බුදය ඉතාම කණගාටුවට කරුණකි. රටවල් අතර පවතින සම්බන්ධතා යුද්ධය දෙසට නොගෙන යා යුතු බවත්, ගැටුම් හා ආරවුල් ඇති කිරීම කිසිවෙකුටත් අවශ්‍යතාවක් නොවන බවත්, සාමය හා ආරක්ෂාව ජගත් ප්‍රජාව ආරක්ෂා කළ යුතු ධනය බවත්, ෂී ජින්පං මහතා කියා සිටියේය.

චීනය හා ඇමරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලේ ස්ථාවර සාමාජික රටවල් දෙකකි. එමෙන් ම චීනය හා ඇමරිකාව විශාල ආර්ථිකයන් දෙකකි. එබැවින් ද්විපාර්ශවික සම්බන්ධතා නිවැරදි දිශාවකට ගෙන යා යුතු බවත් ෂී ජින්පං මහතා පෙන්වා දෙයි. ලෝක සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් චීනය හා ඇමරිකාව සිය ජාතයන්තර වගකීම් දැරිය යුතු බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

The post ලෝක සාමය හා ආරක්ෂාව වෙනුවෙන් චීනයත් ඇමරිකාවත් වගකීමෙන් ක්‍රියා කළ යුතු බව චීන ජනපති ඇමරිකානු ජනපතිට කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG