ජනාධිපතිතුමා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද පැවැත්වුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කිහිප දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූයේ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීයී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය චංජි වොන්ග් රී, නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය ඈන් මේරි ගල්ඩ් වුල්ෆ් සහ එහි ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිඩානුසෙට්යාවන් යන අය ඒ අතර වුණා.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ යන අයද සාකච්ඡාවට එක්ව සිටියා.
The post ජනපති හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් appeared first on ITN News.
Post a Comment