Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉක්වදෝරයේ බන්ධනාගාරයක් තුළ ඇතිවූ ගැටුමකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඉක්වදෝරයේ බන්ධනාගාරයක් තුළ ඇතිවූ ගැටුමකින් රැඳවූවන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම ඇතිව තිබෙන අතර රැඳවූවන් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව ද සඳහන්. කෙසේ වුවද ගැටුම් අතරතුරදී රැදවූවන් කිසිවෙකු බන්ධනාගාරයෙන් පලාගිය බවට තොරතුරු වාර්තා වන්නේ නැහැ. බන්ධනාගාර ගතවූවන්ගේ ඥාතීන් ගැටුම ඇතිවූ බන්ධනාගාර අසලට පැමිණ තොරතුරු ලැබෙන තෙක් රැඳී සිටින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉක්වදෝරයේ බන්ධනාගාර තුළ නිරන්තරයෙන් දරුණු ගැටුම් වාර්තා වනවා. පසුගිය වසරේ දී මෙලෙස ඇතිවූ ගැටුම්වලින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 316ක්.

 

 

 

The post ඉක්වදෝරයේ බන්ධනාගාරයක් තුළ ඇතිවූ ගැටුමකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG