Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයින් දකුනු කොරියාවෙන්  

Add comments

ගතවු පැය 24ට ලොව පුරා රටවල් 225කින් කොරෝනා වයිරස් ආසාදිතයින් හත්ලක්ෂ විසිපන්දහසකට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 2397ක්.

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ දකුනු කොරියාවෙන්. එම සංඛ්‍යාව එක්ලක්ෂ තිස් දහසකට ආසන්නයි. එමෙන්ම ජර්මනියෙන් එක්ලක්ෂ විසි දෙදහසක්, ජපානයෙන් හා වියට්නාමයෙන් හතලිස් අටදහස බැගින්ද වයිරස් ආසාදිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයට වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 287 සිදුව ඇත්තේ රුසියාවෙන්. ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැට එක්ලක්ෂ හැත්තෑ නව දහස ඉක්මවා ගියා. හමුව ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් නමකෝටි විසිඅට ලක්ෂයකට ආසන්න බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

 

 

 

The post ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයින් දකුනු කොරියාවෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG