Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලීසියෙන් විශේෂ නිවේදනයක්  

Add comments

ප්‍රචණ්ඩකාරී සහ කළහකාරී ක්‍රියාවල යෙදෙන පුද්ගලයින් සහ කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.

ඊයේ දිනයේදීත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් උද්ඝෝෂණ සහ විරෝධතා වාර්තා වුණා. එම ඇතැම් උද්ඝෝෂණවලට සහභාගිවී සිටි පිරිස් ගිනි තැබීම්, අයුතු ඇතුළුවීම්, අනර්ථය සිදුකිරීම් වැනි ක්‍රියාවල නිරතව ඇති බවට වාර්තාවී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරනවා.

එලෙස හැසිරුණු පුද්ගලයින් අත්අඩංගුවට ගත් අතර තවත් පිරිසක් හදුනා ගැනීම වීඩියෝ සාක්ෂි පදනම් කර ගනිමින් සිදුකෙරෙන බවයි පොලීසිය පවසන්නේ. ඕනෑම අයෙකුට සාමකාමීව උද්ඝෝෂණයක් සිදුකිරීමට හැකියාව පැවතියද කළහකාරී මෙන්ම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල යෙදීමට අයිතියක් නැති බවයි පොලීළසිය වධාරණය කරන්නේ. එලෙස ක්‍රියා කරන්නන් අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසනවා.

 

 

 

 

 

The post පොලීසියෙන් විශේෂ නිවේදනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG