Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපරාධ කල්ලි සාමාජික සහන් නවෝද් භාවිත කළ ගිනි අවිය සහ ජීව උණ්ඩ පොලීසිය සොයා ගනී  

Add comments

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සහන් නවෝද් හෙවත් පැන්ඩා නැමැත්තා භාවිත කළ ගිනි අවිය සහ ජීව උණ්ඩ විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත්තා.

විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. කඩවත , මහර, නවය කණුවආසන්නයේදී ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සහන් නවෝද් නැමැත්තා අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමේ නියෝග මත රදවා සිටියා.

ඔහු සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු සමග අපරාධයක් සිදු කිරීමේ අරමුණින් සගවා තිබූ චිනයේ නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ අපරාධ කල්ලි සදහා අවි ආයුධ කුලී පදනම මත ලබාදීමටද මොහු කටයුතු කර ඇති බවයි.

 

 

The post අපරාධ කල්ලි සාමාජික සහන් නවෝද් භාවිත කළ ගිනි අවිය සහ ජීව උණ්ඩ පොලීසිය සොයා ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG