Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2021දී චීන ව්‍යවසායන්හි සෘජු විදේශ ආයෝජනයේ 2.2%ක වර්ධනයක්  

Add comments

2021 වසරේ චීන ව්‍යවසායන් සිදු කළ සෘජු විදේශ ආයෝජන 2020 වසරට වඩා 2.2%කින් වැඩිවී ඇතැයි චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කවුන්සිලය පවසයි.

චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කවුන්සිලය පසුගියදා නිකුත් කළ“චීන ව්‍යවසායන්හී විදේශ ආයෝජනයේ වත්මන් තත්ත්වය හා අභිප්‍රාය පිළිබඳ සමීක්ෂණ වාර්තාව (2021සංස්කරණය)” මේ බව සඳහන් කරයි.

2021 වසරේ චීනයේ විදේශ ආයෝජන මනාව ක්‍රියාත්මකවී ඇති අතර සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය යුවාන් බිලියන 936.69කට ළඟා වී ඇතැයි එම වාර්තාවෙන් හෙළිවේ.

නව සංවර්ධන රටාවක් වේගවත්ව ගොඩනැගීමේ පසුබිම යටතේ, චීන ව්‍යවසායන්ගෙන් 80%කට ආසන්න ප්‍රමාණයක්  විදේශ ආයෝජන අපේක්ෂාව පිළිබඳව සුබවාදීව සිටින අතර තම විදේශ ආයෝජන අභිප්‍රායන් තවදුරටත් වර්ධනය කරනු ඇතැයි එම වාර්තාව පවසයි. 2016 සිට 2020දක්වා අඛණ්ඩව වසර 5ක පසුබෑමෙන් පසු, 2021දී ගෝලීය අන්තර්ජාතික ආයෝජන ප්‍රමාණය 2020 වසරට වඩා 77%ක වර්ධනයක් සමඟින්, කොරොනා වසංගතයට පෙර තිබූ මට්ටම ඉක්මවා ගොස්තිබේ. චීනයේ සෘජු විදේශ ආයෝජන ප්‍රවාහය හා වටිනාකම ලොව ප්‍රමුඛතම ස්ථාන තුන අතරට පැමිණ ඇත.

චීන විදේශ ආයෝජන අඛණ්ඩව වැඩිවුවද, වෙළඳ ආරක්ෂාව සහ බාධක ආයෝජන සීමා කිරීම් සඳහා ප්‍රධාන ගැටළුවක් වී ඇති බව එම වාර්තාවේ සමීක්ෂණයට ලක්වූ ව්‍යවසායන් විශ්වාස කරතිබේ. ඇමරිකාව හා යුරෝපා සංගමය විදේශ ආයෝජන සඳහා වඩාත්ම ආරක්ෂක පරීක්ෂණ හා සීමා සහිත රටවල් සහ කලාපවේ.

The post 2021දී චීන ව්‍යවසායන්හි සෘජු විදේශ ආයෝජනයේ 2.2%ක වර්ධනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG