Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථානයේ භාරකාර අග්‍රාමාත්‍ය ධූරයට හිටපු අගවිනිසුරු ගුල්සාර් නම් කෙරේ  

Add comments

පාකිස්ථානයේ භාරකාර අග්‍රාමාත්‍ය ධූරය සඳහා එරට හිටපු අගවිනිසුරු ගුල්සාර්  අහමඩ් නම් කිරීමට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පියවර ගත්තා.

කෙසේ වුවද හිටපු අගවිනිසුරුවරයා භාරකාර අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන තෙක් ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බවයි පාකිස්ථාන ජනාධිපති අරීෆ් අල්වි සඳහන් කරන්නේ.භාරකාර අග්‍රාමාත්‍ය ධුරය සඳහා හිටපු අගවිනිසුරුවරයාගේ නම යෝජනා කර ඇත්තේ පාලක තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ අනුමැතිය මතයි. පසුගිය ඉරිදා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුණා. කෙසේ වුවද ඒම ඡන්ද විමසීම අත්හිටුවීමටයි නියෝජ්‍ය කතානායකවරයා කටයුතු කළේ. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. නමුත් විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීම අත්හිටුවීමේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් මේ වනවිට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කරුණු විමසනවා.

The post පාකිස්ථානයේ භාරකාර අග්‍රාමාත්‍ය ධූරයට හිටපු අගවිනිසුරු ගුල්සාර් නම් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG