යුද ගැටුම් හේතුවෙන් යුක්රේනයේ ආර්ථිකය සියයට 45 කින් පමණ කඩාවැටී ඇති බව ලෝක බැංකුව නිවේදනය කරනවා.
මෙම වසර තුළදී යුක්රේන ආර්ථිකය තවදුරටත් කඩාවැටීමට ඉඩ පවතින බවයි ලෝක බැංකුව සදහන් කරන්නේ. කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් නැගෙනහිර යුරෝපයේ හා මධ්‍යම ආසියාවේ ආර්ථිකයට සිදුව ඇති හානිය යුක්රේනයට දරුණු ලෙස බලපා ඇති බවද වාර්තා වනවා.
එමෙන්ම යුද මෙහෙයුම් හේතුවෙන් ඇමෙරිකාව ප්රමුඛ රටවල් රුසියාවට පනවා ඇති සම්බාධක මෙම තත්ත්වය තවදුරටත් තීව්ර කරන බවයි ලෝක බැංකුව පවසන්නේ. යුක්රේන ජනතාව එරටින් පලායාම, ව්‍යාපාර වසාදැමීම මෙන්ම එරට යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම බිදවැටීම යථාතත්ත්වයට පත්කිරීමට නම් තවත් වසර ගණනාවක් ගතවනු ඇති බවට ඔවුන් අනාවැකි පළකරනවා. එමෙන්ම යුක්රේනයේ කෘෂිකාර්මික කටයුතු ඇණහිටීම හේතුවෙන් ගෝලීය ආහාර මිලද ඉහළ යනු ඇති බවයි ඔවුන් සදහන් කරන්නේ.
The post යුක්රේන ආර්ථිකය 45 කින් කඩා වැටෙයි appeared first on ITN News.
Post a Comment