Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගංගා රැසක ජල මට්ටම ඉහළට  

Add comments

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි දින කිහිපයේදීත් මෙම වැසි තත්ත්වය පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අධික වර්ෂාවත් සමඟ ගංගා රැසක ජල මට්ටම් ඉහළ යමින් පවතින අතර ජලාශ කීපයක වාන් දොරටු ද විවෘතකර තිබෙනවා.

මේ අතර රාජාංගනය ජලාශයේ වාන්දොරටු 06 ක් විවෘත කර තිබෙනවා. අඩි 4 බැගින් වාන් දොරටු 2 ක් සහ අඩි 2ක බැගින් වාන් දොරටු 4 ක් ද විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 4900 ක ජල ධාරිතාවක් කලා ඔය වෙත මුදා හැරෙනවා. අංගමුව ජලාශයේද වාන්දොරටු 2 ක් විවෘත කර තිබෙනවා.කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශයේ ද  වාන් දොරටු 5 ක් විවෘත කෙරුණා.ජලාශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව ඒ පිළිබඳ සැලකිලිමත් වන  ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු ඩී අබේසිරිවර්දන මහතා පවසනවා.

ගාල්ල මාතර ඇතුළු දිස්ත්‍රික් රැසකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා මෙන්ම ගිං ගගේද ජල මට්ටම ඉහළ යමින් පවතිනවා. එම ප්‍රදේශවල පහත්බිම් රැසක් ජලයෙන් යටව ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ගාල්ල කෙළුව ප්‍රදේශයේ මවක් සමඟ දරුවන් සිව්දෙනෙකු ඇලඹගෙදර මාර්ගය හරහා පිටාර ගලමින් තිබූ ඉන්ගල්දොළ පාරෙන් එගොඩවීමට උත්සාහ කිරීමේදී දරුවෙකු දිය පහරට ගසාගෙන ගොස් තිබෙනවා. පසුව කළ සෝදිසි මෙහෙයුමේ දී දරුවාගේ සිරුර සොයාගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 8 ක් වන ඇඹලේගෙදර ප්‍ර දේශයේ පදිංචි දරුවෙක්.

මේ අතර ඊයේ රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා. හලාවත කොළඹ මාර්ගයේ මාරවිල නගරය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනයට දැඩි බලපෑම් එල්ල වුණා.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයට ද ඊයේ රාත්‍රීයේ සිට අධික වර්ෂාවක් ලැබෙමින් පවතිනවා. ආමර්වීදිය ජේතවනාරාම පාර ඇතුලු ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. නුගේගොඩ නාවලපාර ප්‍රදේශය ද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවුණා.

කෑගල්ල දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පොල්ගහවෙල මාර්ගයේ ඇදුරාපොත , පානකාව ප්‍රදේශයට විශාල ගසක් කඩාවැටීමෙන් ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා. කෑගල්ල සිට පොල්ගහවෙල දක්වා ගමන් ගන්නා මගීන් පාගමනින් එම ස්ථානය පසුකරන ආකාරය දැකගත හැකිවුණා. විදුලි රැහැන් පද්ධතියට ද හානි සිදුවීම හේතුවෙන් ප්‍රදේශයේ විදුලිබල සැපයුම ද විසන්ධි වී තිබෙනවා.

ඉංගිරිය හදපාන්ගොඩ මෙනේරිගම ප්‍ර දේශයේ ඇළ මාර්ගයක් හරහා ඇති සපත්තු පාලමකින් එගොඩවීමට ගිය ත්‍රි රෝද රථයක් සැඩපහරට හසුව ගොස් තිබෙනවා. එම රථයේ සිටි රියදුරුගේ සිරුර අද උදෑසන සොයාගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ඔහු වයස අවුරුදු 45 ක් වන ඉංගිරිය ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසනවා.

The post ගංගා රැසක ජල මට්ටම ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG