රුසියාවට අයත් මොස්ක්වා නමැති යූධ නෞකාව මුහුදේ ගිලී ගිය බව රුසියා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා. සෝවියට් සමයේදී නිෂ්පාදනය කළ මෙම නෞකාව රුසියාව සතුව තිබූ ප්‍රධානතම යුද නෞකා අතරට අයත් වනවා.
කලු මුහුදේ නවතා තිබූ යුද නෞකා පෙලට අයත් වූ මොස්ක්වා නෞකාව කියෙව්හි සිට යුක්රේන හමුදා එල්ල කළ මිසයිලයකින් නෞකාවට හානි වී තිබුණා. පසුව නෞකාව වරායක් වෙත ඇදගෙන යාමේදී මුහුදේ ගිලී ගිය බවයි යුක්රේන අංශ නිවේදනය කළේ. මෙම නෞකාව මිසයිල විදීම සඳහා භාවිත කළ හමුදා ශක්තිය අතින් ඉතා ඉහළ නෞකාවක් බවයි යුද විශ්ලේෂකයන් පවසන්නේ. නෞකාව සෝවියට් යුගයේදී නිර්මාණය කර ඇති අතර 1980 දශකයේදී යුද මෙහෙයුම් සඳහා භාවිත කෙරුණා. මොස්ක්වා නෞකාව සිරියාවේද මීට පෙර යුද මෙහෙයුම්වල නිරතව සිටියා.
The post යුක්රේන මිසයිල ප්‍රහාරයකින් මුහුදුබත් වූ මොස්කාවා appeared first on ITN News.
Post a Comment