ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මතදී තමන්ගේ ජීවිතය පූජා කළ මහ සිකුරාදා දිනය අදයි.
මේ නිමිත්තෙන් දිවයින පුරා කිතුනු දේවස්ථානවල ආගමික වතාවත් සංවිධාන කර තිබුණා. ප්‍රධාන දේව මෙහෙය අද පස්වරු 3 ට කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ ඇණගසා මරණයට පත් කරනු ලැබීමේ දුක්ඛප්‍රාප්තිය සිහි ගන්වමින් මහ සිකුරාදා දිනය සමරනු ලබන්නේ දේව පුත්‍රයානන් අනුස්මරණය කරමින්. ලොව පුරා කිතුනු බැතිමතුන් දේවස්ථානවලදී ආගමික වතාවත්වල යෙදෙමින් මහ සිකුරාදා දිනය සැමරීමට එක්ව සිටිනවා. කිතුනු ජන වන්දනා ලිතෙහි සුවිශේෂී දිනයක් ලෙස මහ සිකුරාදා දිනය හැදින්වෙන අතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරදා උත්තානයවීම සිහිගන්වන පාස්කු ඉරිදාව ලබන 17 වනදාට යෙදී තිබෙනවා.
The post මහ සිකුරාදා දිනය අදයි appeared first on ITN News.
Post a Comment