ගල්කිරියාගම මානේරුව රඹවැවේ දිය නාමින් සිටි ළමයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා. එම ළමයාගේ සිරුර සොයාගත් බවයි පොලීසිය ප්රකාශ කළේ.
මානේරුව, රඹවැවේ දිය නෑමට ළමයින් තුන් දෙනෙකු ගොස් ඇත්තේ ඊයේ පස්වරුවේයි. ඔවුන් දිය නාමින් සිටියදී ඉන් එක් ළමයෙකු කිඹුලෙකු විසින් ඇදගෙන ගොස් තිබෙනවා.
ගල්කිරියාගම පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අතුරුදන් වූ ළමයා සොයා නාවික හමුදාව සහ පොලීසිය මෙහෙයුමක් සිදුකළා. ඒ අනුව අද උදෑසන සිරුර සොයා ගැනීමට හැකිවී තිබෙනවා. මෙලෙස මියගියේ වයස අවුරුදු 15 ක් වන මානේරුව නෑගම්පාන ප්රදේශයේ ලදිංචිව සිටි ළමයෙකුයි.
The post රඹවැවේ දිය නාමින් සිටි ළමයෙකු කිඹුලෙකු ඩැහැගනී appeared first on ITN News.
Post a Comment