නීති විරෝධී ලෙස ඉන්ධන අලෙවි කරන්නන් හා ගබඩා කර සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ පුළුල් මෙහෙයුම් ක්රියාත්මකයි. මේ අතර වැලිගම ප්රදේශයේ සගවා තිබූ ගෑස් තොගයක් ද පොලීසිය මැදිහත්වී බෙදා හැරීමට කටයුතු කෙරුණා.
නිසි බලප්ත්රයක් නොමැතිව නීති විරෝධිව ඉන්ධන අලෙවි කරන පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනීමේ මෙහෙයුම් ක්රියාත්මක බව පොලිස් මූලස්ථානය සදහන් කළා. ඉන්ධනල්වලින් ඉන්ධන ලබා ගෙන වෙනත් ස්ථානවලට රැගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක් ක්රියාත්මක බව තහවුරු වීමත් සමගයි මෙම වැටලීම් ආරම්භ කෙරුණේ. දිවයින පුරා සිදු කළ වැටලීම් 68 ක් සිදු කර ඇති අතර එහිදී පෙට්රල් ලීටර් 8025 ක් හා ඩීසල් ලීටර් 725ක් සොයා ගැනුනා.
මේ අතර වැලිගම ගල්බොක්ක ප්රදේශයේ අලෙවිසැළකට ලැබුණු ලිට්රෝ ගෑස් සිලින්ඩර් තොගයක් සගවා ඇති බව පවසමින් ප්රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා. වැලිගම පොලීසිය මැදිහත් වී සගවා තිබූ ගෑස් තොගය පාරිභෝගිකයින්ට ලබාදීමටයි පියවර ගැනුණේ.
The post නීති විරෝධී ඉන්ධන අලෙවි කරන්නන් සොයා මෙහෙයුම් appeared first on ITN News.
Post a Comment