රුසියා ප්‍රහාර හේතුවෙන් මරියුපෝල් නගරයේ සිවිල් වැසියන් දසදහසකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නගරාධිපතිවරයා සඳහන් කරනවා.
රුසියාව යුද මෙහෙයුම් ආරම්භ කළ පසුගිය පෙබරවාරි 24 වන දින සිට මේ දක්වා මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි මරියුපෝල් නගරාධිපතිවරයා පවසන්නේ. එමෙන්ම නගරය තුළ තවමත් සිවිල් වැසියන් 120,000 කට අධික සංඛ්‍යාවක් සිරව සිටින බවද ඔහු නිවේදනය කරනවා. ආහාර , පානීය ජලය හා ඖෂධ හිඟවීම හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවට ලක්ව සිටින බවද සඳහන්. ඝාතනයට සාමාන්‍ය වැසියන්ගේ සිරුරු පුළුස්සා දැමීමට රුසියා හමුදාව කටයුතු කරන බවට ද නගරාධිපතිවරයා චෝදනා කරනවා. කෙසේ වුවද එම තොරතුරු මේ වන තෙක් තහවුරු කර නැහැ.
The post රුසියා ප්‍රහාර හේතුවෙන් මරියුපෝල් නගරයේ සිවිල් වැසියන් දසදහසකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment