යුක්රේනයේ යුද මෙහෙයුම් සිදුකිරීමේ දී රුසියාව රසායනික අවි භාවිත කර තිබේද යන්න පරීක්ෂා කරන බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරනවා.
යුක්රේනය තුළ රසායනික අවි භාවිත කර ඇත්දැයි සොයා පුළුල් කණ්ඩායමක් සමග මෙහෙයුම් සිදුකරන බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරිය නිවේදනය කරනවා. එලෙස රසායනික අවි භාවිත කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් රුසියා ජනාධිපතිවරයා හා රජය සෘජුව වගකිව යුතු බවයි ඇය සදහන් කරන්නේ. මරියුපෝල් නගරයට පහරදීමේ දී රුසියාව රසායනික අවි භාවිත කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල පළවන වාර්තා මේ වනතෙක් තහවුරු කර නොමැති බව මරියුපෝල් නගරාධිපතිවරයා පවසනවා. කෙසේ වුවද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි ඔහු පවසන්නේ.
The post යුක්රේනය රසායනික අවි භාවිත කර ඇත්දැයි සෙවීමට කණ්ඩායමක් appeared first on ITN News.
Post a Comment