තම රට ක්‍රියාත්මක කරන COVID-19 ශුන්‍ය ප්‍රතිපත්තිය රටේ වත්මන් වසංගතත ත්ත්වයට හා ලෝක සෞඛ්‍ය සංවිධාන උපදෙස් වලට අනුකූල වන බව චීනය කියයි
තම රට ක්‍රියාත්මක කරන COVID-19 ශුන්‍ය ප්‍රතිපත්තිය වත්මන් චීන වසංගතත ත්ත්වයට හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් වලට අනුකූලවන බව චීනය කියයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා මේ බව කියා සිටියේ පසුගියදා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීනය COVID-19 වසංගතය පිටු දැකීම පිළිබඳව වාර්තාකරුවන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. චීනය ක්‍රියාත්මක කරන COVID-19 ශුන්‍ය ප්‍රතිපත්තිය විද්‍යාත්මකව හා විශේෂඥ උපදෙස්මත සකස්කර ඇති අතර එය වත්මන් වසංගතත ත්ත්වයට හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්වලට අනුකූල බව හෙතෙම පැවසීය. එම ප්‍රතිපත්තිය චීනයේ වෙසෙන දෙස්විදෙස ජනතාවගේ ජීවිත සුරක්ෂිතභාවය හා ශරීර සෞඛ්‍යය සඳහා ප්‍රබල සහතිකයක් ලබාදී තිබේ. ලෝක වසංගත මර්දනයට චීනය වැදගත් දායකත්වයක් ලබාදුන්බව Zhao Lijian මහතා ප්‍රකාශ කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජගත් ප්‍රජාවගෙන් ඊට ඉහළ පැසසුම් හිමිවිය.
COVID-19 ශුන්‍ය ප්‍රතිපත්තිය චීනයේ සැබෑ තත්ත්වයට අනුකූල වන බවත් එම ප්‍රතිපත්ති ලබාගත්ප්‍රතිඵල යහපත්වන බවත් සාක්ෂි මගින් පිළිබිඹුවේ.නව කොරොනා මරණ සංඛ්‍යාව සහ ආර්ථික සංවර්ධන දත්ත අනුව චීනය වසංගත මර්දනය සාර්ථකව ක්‍රියාත්මක කරන රටවලින් එකක්බව Zhao Lijian මහතා පැවසීය.
The post තම රට ක්‍රියාත්මක කරන COVID-19 ශුන්‍ය ප්‍රතිපත්තිය රටේ වත්මන් වසංගතත ත්ත්වයට හා ලෝක සෞඛ්‍ය සංවිධාන උපදෙස් වලට අනුකූල වන බව චීනය කියයි appeared first on ITN News.
Post a Comment