Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෙට්‍රල් සහ ඩීසල් බෙදා හැරීමේ කටයුතු සුපුරුදු පරිදි  

Add comments

කොළොන්නාව නිමාව තෙල් සංකීර්ණයේ පෙට්‍රල් සහ ඩීසල් බෙදා හැරීමේ කටයුතු සුපුරුදු පරිදි ක්‍රියාත්මක වනවා.

බවුසර් හිමියන් වැඩවර්ජනයකට සහභාගිවී ඇති බවට වන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

මේ අතර පෙට්‍රල් සහ ඩීසල් බෙදා හැරීමේ කටයුතු කොළොන්නාව නිමාව තෙල් සංකීර්ණයෙන්  අඛණ්ඩව සිදු කෙරෙනවා. මෙතෙක් දෛනික බෙදා හැරීම්වලට එක්වූ රථ සංඛ්‍යාවද වැඩිකර ඇති බව දක්නට ලැබෙනවා. කොළොන්නාව නිමාවෙන් ආරම්භ වන ඉන්ධන දුම්රියත් අඛණ්ඩව ධාවනයට යොදවා තිබෙනවා. මේ අතර අද පෙරවරුවේ බොහෝ ඉන්ධන පිරවුම්හල් අවට  පෙර පැවති පරිදී දිගු  පෝලිම් දක්නට ලැබුණේ නැහැ.

මේ අතර පෞද්ගලික තෙල් ටැංකි රථ හිමියන් වර්ජනයකට එළඹි නැති අතර සංස්ථාව සියලු ගෙවීම් සිදුකර ඇති බැවින් එවැනි වර්ජනයකට යාමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව පෞද්ගලික තෙල් ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

 

The post පෙට්‍රල් සහ ඩීසල් බෙදා හැරීමේ කටයුතු සුපුරුදු පරිදි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG