Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇත්දළ වලින් නිමවා ඇති ප්‍රතිමාවක් අලෙවි කිරීමට උත්සාහ කළ සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

පුරා විද්‍යා වටිනාකමක් සහිත බවට විශ්වාස කෙරෙන ඇත් දළ වලින් නිමවා ඇති කාන්තා රුවකට සමාන ප්‍රතිමාවක් අලෙවි කිරීමට උත්සාහ කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජගිරිය කඳවුරේ නිලධාරීන් මෙම වැටලීම සිදුකළා. මාපලාන ශ්‍රී පලාබද්දල ප්‍රදේශයේ දීයි අගල් 18 ක උසින් යුතු ඇත් දළවලින් නිමවා ඇති මෙම ප්‍රතිමාව සොයා ගැණුනේ. එහි බර කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 598 ක්. රැජිණකගේ බවට හැගවෙන කාන්තා රුවකට සමානව මෙම ප්‍රතිමාව නිර්මාණය කර තිබෙනවා. සැකකරු විසින් සමාජ මාධ්‍යයේ පළකර ඇති දැන්වීමක් මත උපාය දූතයෙකු යොදවා වැටලීම සිදුකෙරුණා. අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 

 

 

 

The post ඇත්දළ වලින් නිමවා ඇති ප්‍රතිමාවක් අලෙවි කිරීමට උත්සාහ කළ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG