Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉදිරි තෙවසරේ දී සැමට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම රජයේ ඉලක්කයයි  

Add comments

ඉදිරි වසර තුනේදී සැමට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම රජයේ ඉලක්කය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.

හතරවන ආසියා ෆැසිපික් ජල සමුළුවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා.

පවතින ජල සම්පාදන යෝජනා ක්‍රමවල ධාරිතාව මෙන්ම ගුණාත්මක භාවය වැඩිදියුණු කරමින් රට පුරා නව ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියා. ජපානයේ කුමමොටෝහි ආරම්භ කෙරුණු ආසියා පැසිෆික් ජල සමුළුව දින දෙකක් පුරා පැවැත්වෙනවා. සමුළුවේ ප්‍රගතිය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ජල සමුළුවේදී කුමමොටෝ ප්‍රකාශය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ‘‘ තිරසර සංවර්ධනය සදහා ජලය හොදම භාවිතයන් සහ ඊළග පරම්පරාව‘‘ යන තේමාව යටතේයි මෙවර සමුළුව පැවැත්වෙන්නේ. රටවල් 48ක රාජ්‍ය නායකයන් මෙන්ම ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් සමුළුවට සහභාගී වනවා. ආසියා පැසිෆික් කලාපයේ අනෙකුත් රටවල් සමග ජපානයේ විශේෂඥ දැනුම බෙදා ගැනීමට සූදානම් බව ජපාන අග්‍රාමාත්‍යවරයා සමුළුව අමතමින් කියා සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම සමුළුවට එක්වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.

 

 

The post ඉදිරි තෙවසරේ දී සැමට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම රජයේ ඉලක්කයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG