Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන සමාගමක් ඉදිකළ බංග්ලාදේශයේ විශාලතම අපජල පාලන කම්හල ක්‍රියාවට නැංවිණ  

Add comments

චීන සමාගමක් විසින් ඉදිකෙරුණු බංග්ලාදේශයේ විශාලතම අපජල පාලන කම්හල නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ.

චීන ප්‍රමිතිය හා මූල්‍යසහයෙන් ඉදිවූ බංග්ලාදේශයේ Dasherkandi අපජල පාලන ව්‍යාපෘතිය පසුගිය 31 වනදා සාර්ථකව නිමාවිය. අප්‍රේල් පළමුවනදා සිට එහි ක්‍රියාකාරිත්වය ඇරඹිණ.

2017 වසරේ අගෝස්තු මස පළමු වනදා ආරම්භ වූ එම ව්‍යාපෘතිය චීන රජයේ සහන ණය හා චීන ආනයන අපනයන බැංකුවේ මුදල් සැපයුම් සේවා ලබා ගෙන ඇත. දෙරටේ ‍ඉදිකිරීම් සේවකයන් දහස් ගණනක් ව්‍යාපෘතියට එක්වූහ. ඩෙංගු උණ, ත්‍රස්තවාදී ප්‍රහාර, වසංගතය ඇතුළු සියලු අභියෝග අභිභවා එම ව්‍යාපෘතිය නිසි ලෙස අවසන් කර භාර දීමට විශේෂත්වයකි.

මෙය බංග්ලාදේශයේ ප්‍රථම නවීන අප ජල පාලන කම්හල මෙන්ම දකුණු ආසියාවේද විශාලතම අපජලපාලන කම්හලයි. එමගින් Dhaka අගනුවර මිලියන 5ක පිරිසකගේ අපජලය පාලනය කළ හැකි අතර එහි ජල දූෂණතත්ත්වය දැඩි ලෙස යහපත් කළහැකිවේ.

The post චීන සමාගමක් ඉදිකළ බංග්ලාදේශයේ විශාලතම අපජල පාලන කම්හල ක්‍රියාවට නැංවිණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG