Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමාජ මාධ්‍ය ජාලා සඳහා පිවිසීමට පනවා තිබූ අවහිරතාව ඉවත් කෙරේ  

Add comments

සමාජ මාධ්‍ය තාවකාලික අවහිරතාව අද පස්වරුවේ සිට ඉවත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කළා. එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ මෙම අවහිර කිරීම සිදුකළේ ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුව බවයි.

ෆේස්බුක්, වට්අප්, ඉන්ස්ටර් ග්‍රෑම්, ට්විටර්, යූ ටියුබ් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා රැසක ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කටයුතු කර තිබුණා. ඒ රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් බවයි ජයන්ත ද සිල්වා ප්‍රකාශ කළේ.

මේ අතර පොලිස්පතිට , විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිට සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්ට මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ අනිද්දා දිනයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

එම කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබෙනවා. සමාජ මාධ්‍ය අවහිර කිරීම , උද්ඝෝෂණයක් අතරතුර මාධ්‍යවේදීන්ට පහරදීම ඇතුළු සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මොවුන් කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

 

 

 

The post සමාජ මාධ්‍ය ජාලා සඳහා පිවිසීමට පනවා තිබූ අවහිරතාව ඉවත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG