Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුටින් ජන සංහාරයක නිරතව සිටින බවට බයිඩන්ගෙන් චෝදනා  

Add comments

රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් යුක්රේනයේ ජන සංහාරයක නිරතව සිටින බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කරනවා. ජෝ බයිඩන් පුටින් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් සිදුකළේ ප්‍රථම වතාවටයි.

කෙසේ වුවද රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සඳහන් කරන්නේ බූචා ප්‍රදේශය සම්බන්ධයෙන් ඇමෙරිකාව ප්‍රමුඛ යුක්රේන හිතවාදීන් ගෙනයන ප්‍රචාර ඔවුන් ගොඩනැගූ ඒවා බවයි.

යුක්රේනය සමඟ පැවති සාමසාකච්ඡා විසදුමකින් තොරව නිමාවීමට යුක්රේනයේ ක්‍රියා කලාපය මූලික වූ බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් සඳහන් කරනවා. කියෙව් ආශ්‍රිත ප්‍රදේශයෙන් රුසියා හමුදා ඉවත්කර ගත්තද එය පරාජයක් නොව රුසියාවට විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දෙන වැඩපිළිවෙළක ආරම්භය බවයි ජනාධිපතිවරයා පවසන්නේ. රුසියාවේ උතුම් අභිලාශයන් සාක්ෂාත් කර ගන්නා බව පුටින් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතිඥා ලබාදුන්නා. යුද අපරාධ සම්බන්ධයෙන් ගොඩනැගූ හා නිර්මාණය කළ යුක්රේන පක්ෂපාතී අසත්‍ය ප්‍රචාර ලොව පුරා ප්‍රචලිත කිරීමට අසාර්ථක උත්සාහයක ඇමෙරිකාව ප්‍රමුඛ බලවේග නිරතවී සිටින බවටයි රුසියා ජනාධිපතිවරයා මෙහිදී චෝදනා කළේ. රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් හා බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි පුටින් මේ බව සඳහන් කර සිටියේ.

 

 

The post පුටින් ජන සංහාරයක නිරතව සිටින බවට බයිඩන්ගෙන් චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG