RCEP රටවල් 14ක් සමඟ වසරේ පළමු කාර්තුවේ චීනය කළ සමස්ත ආනයන අපනයනයන්හි වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 2.86ක්
මේ වසරේ පළමු කාර්තුවේ කලාපීය පූර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම (RCEP)ට එක් ව සිටින රටවල් 14ක් සමඟ චීනය කළ ආනයන අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 2.86ක් බව චීන පොදු රේගු දෙපාර්තමේන්තුව පවසයි.
චීන පොදු රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක Li Kuiwen මහතා ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකදී 2022 වසරේ පළමු වැනි කාර්තුවේ චීනයේ ආනයන හා අපනයන පිළිබඳ විග්‍රහ කරමින් මේ බව පැවසීය.
කලාපීය පූර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමට එක් වූ රටවල් 14ක් වෙත චීනය කළ ආනයන අපනයන වටිනාකම පසුගිය වසරේ අගයට වඩා 6.9%ක වර්ධනයකි.එය චීන සමස්ත විදේශ වෙළඳ වටිනාකමෙන් 30.4%ක් වේ. එම රටවල් සඳහා චීන අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 1.38ක් වන අතර ආනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 1.48කි. එය වෙන් වෙන් ව පසුගිය වසරේ අගයට වඩා 11.1%කින් හා 3.2කින් වර්ධනය වී තිබේ.
The post RCEP රටවල් 14ක් සමඟ වසරේ පළමු කාර්තුවේ චීනය කළ සමස්ත ආනයන අපනයනයන්හි වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 2.86ක් appeared first on ITN News.
Post a Comment