Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළාත් කිහිපයකට තද වැසි  

Add comments

පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසිඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (13) දහවල් 12:11 ට තායිලියන්කුඩිඉරිප්පු (මන්නාරම දිස්ත්‍රික්කය), කනකරායන්කුලම්, නෙඩුන්කේනි (වව්නියා දිස්ත්‍රික්කය) සහ නඩ්ඩියන්කන්ඩාල් (මුලතිව් දිස්ත්‍රික්කය) යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇත.

The post පළාත් කිහිපයකට තද වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG