ශ්‍රී ලංකාවට කඩිනමින් ඇමරිකා ඩොලර් මිලියන 100ක ආධාරයක් ලබාදෙන බව ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ජින් ලිකුන් මහතා පවසනවා.
මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවැති විශේෂ සාකච්ඡාවකදීයි ආසියා යටිතල ආයෝජන බැංකුවේ සභාපතිවරයා මේ බව කියාසිටියේ. මෙම ආධාරය ලබාදීමට අදාළව බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ කඩිනමින් සාකච්ඡා පවත්වන බව ද ඔහු සඳහන් කළා. ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අර්බුදයෙන් ඉක්මණින් මිදෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ජින් ලිකුන් මහතා සඳහන් කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් සෑම ආකාරයකම සහයක් ලබාදීමට සිය බැංකුව සූදානම් බවයි ඔහු පැවසුවේ. මෙම සාකච්ඡාවට ආසියා යටිතල පහසුකම් සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුම එක්ව සිටියා. ශ්‍රී ලංකාවට ලබාදෙන මධ්‍ය සහ දිගුකාලීන පහසුකම් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය විසඳීම පිළිබඳව ද අලි සබ්රි මහතා මෙහිදී කරුණු ඉදිරිපත් කළා. මෙම ගැටලු විසඳීම සඳහා ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව සහයෝගය ලබාදීමට සුදානම් බවයි ලිකුන් මහතා පැවසුවේ.
The post ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 100ක ආධාරයක් appeared first on ITN News.
Post a Comment