Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිලිපීන ජනාධිපතිවරණය අද  

Add comments

පිලිපීනයේ අනාගත නායකයා තීරණය කරන තීරණාත්මක මැතිවරණය අද පැවැත්වෙනවා.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දහස් ගණනක් ජනතාව ඡන්ද මධ්‍යස්ථාන අසලට රැස්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පිලිපීනයේ හිටපු ආඥාදායක පාලකයෙකු වන ෆර්ඩිනෑන් මාකෝස්ගේ පුත්‍රයා වන බොන් බොන් මාකෝස් අද පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් පවතිනවා. එමෙන්ම ඔහු ලබන ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයක් වීමට ඉඩ ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. ජනාධිපති ධුරයට අමතරව සෙනෙට් මණ්ඩල සභිකයින් හා නිත්‍ය මන්ත්‍රී මණ්ඩලය තෝරා ගැනීම ද අද මැතිවරණයෙන් සිදුකෙරෙනවා. අද පැවැත්වෙන මැතිවරණයේ දී මිලියන 67 ක සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබාසිටින අතර ඔවුන් අතරින් බහුතරයක් තරුණ පරපුර නියෝජනය කරනවා.

 

 

 

 

The post පිලිපීන ජනාධිපතිවරණය අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG