Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් යුක්රේන වැසියන් 60 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

නැගෙනහිර යුක්රේනය ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සඳහන් කරනවා.

පුද්ගලයින් 90 දෙනෙකු රැඳී සිටි ලුහාන්ස්ක් ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලක් වෙතයි මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ. එහි රැඳී සිටි 30 දෙනෙකු බේරා ගැනීමට සමත් වූ බව ආරක්ෂක අංශ සඳහන් කරනවා. ප්‍රහාරයත් සමඟ හටගත් ගින්න මැඩපැවැත්වීමට සඳහා පැය තුනක පමණ කාලයක් ගතව තිබෙනවා. ලුහාන්ස්ක් ප්‍රදේශයේ දරුණු ගැටුම් හටගෙන ඇති අතර යුදවැදී සිටින යුක්රේන සෙබලුන්ට අවි බිම තබා යටත්වන ලෙස රුසියාවට පක්ෂපාත කැරළිකාර පාර්ශ්වයන් දන්වා තිබෙනවා. කෙසේ වුවද ලුහාන්ස්ක් ප්‍රදේශයේ බහුතර බලය හිමිව ඇත්තේ රුසියාවටයි.

 

 

 

The post රුසියාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් යුක්රේන වැසියන් 60 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG