ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අසනි සුළිකුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නැවත දැනුම්දෙන තුරු මෙම ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු සිදුනොකරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ. ගිණිකොනදිග සහ නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඉතා තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සුළගේ වේගය පැයට කිලෝමීටර 90 දක්වා ඉහළ යාහැකියි. මුහුදු ප්‍රදේශය දළ රළු තත්වයට පත්විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දැනට මෙම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදීසිටින පිරිස් වහා ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන වෙත පැමිණිය යුතු බවයි කාලගුණ අංශ පවසන්නේ. බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවැති ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් බවට මේ වනවිට වර්ධනයවී ඇති අතර ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර 900 ක් පමණ ඊසාන දිගින් කේන්ද්‍ර ගතවී තිබුණා. ඉදිරි පැය 6 ක කාලය තුළදී එය චණ්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි කාලගුණ අංශ සඳහන් කළේ.


The post අසනි සුළි කුණාටුව ගැන කාලගුණයෙන් රතු නිවේදනයක් appeared first on ITN News.
Post a Comment