ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 226 කින් කොරෝනා වයිරස ආසාදිතයින් ලක්ෂ 3 ඉක්මවූ සංඛ්‍යාවක් හමුව තිබෙනවා.
ඊයේ දිනයට වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 638 ක්. දකුණු කොරියාවෙන් 40,000 ක් ඕස්ට්‍රේලියාවෙන් 35,000 ක් ජපානයෙන් 34,000 ක් හා ඉතාලියෙන් 30,000 ක් ලෙස ගතවූ පැය 24 දී වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 118 සිදුව ඇත්තේ රුසියාවෙන්. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 6,276,522 දකවා ඉහළ ගියා. හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පනස් එක්කෝටි හැත්තෑ දෙලක්ෂ හැටදහස ඉක්මවා ගොස් තිබෙනවා.
The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment