Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය ලබන 21  

Add comments

ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය ලබන 21 වනදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙවර මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පරාජයට පත්වුවහොත් දශකයකට පමණ පසු ඕස්ට්‍රේලියා කම්කරු පක්ෂයට රජයක් පිහිටුවීමේ හැකියාව හිමිවනවා. පාලක කන්සවේටිව් ලිබරල් ජාතික සභාගය ඉවත් කිරීමට තමාට ශක්තිය ලබාදෙන ලෙස ස්කොට් මොරිසන්ගේ ප්‍රතිවාදියා වන ඇන්තදී ඇල්බනීස් එරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඕස්ට්‍රේලියාවේ දීර්ඝම කාලයක් දේශපාලනයේ නිරතව සිටින නායකයෙකු ලෙසයි ඇන්තනී ඇල්බනීස් සැලකෙන්නේ. වයිරස ව්‍යාප්තිය මැඩපැවැත්වීමට ඕස්ට්‍රේලියා ගත් තීරණ හේතුවෙන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ ජනප්‍රියත්වය ඉතා පහළ අගයකට පැමිණ තිබෙනවා. කෙසේ වුවද ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර දැඩි තරගකාරීත්වයක් පවතින බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

The post ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය ලබන 21 appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG