ගත වූ පැය 24ට ලොව පුරා රටවල් 226කින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 6ට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,827ක්.
ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ජර්මනියෙන්. එම සංඛ්‍යාව 160,000 ට ආසන්නයි. එමෙන්ම ප්‍රංශයෙන් 67,000ක් ඉතාලියෙන් 62,000ක් හා ඇමෙරිකාවෙන් 52,000ත් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ගතවූ පැය 24 ට වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 340 සිදුව ඇත්තේ ඇමෙරිකාවෙන්. ඒත් සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටදෙලක්ෂ හැටපන්දහස ඉක්මවා ගියා. ලොව පුරා රටවලින් හමුව ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පනස්එක්කෝටි හතලිස් හය ලක්ෂ පනස්දහසකට අධිකයි.
The post ගත වූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ජර්මනියෙන් වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment