ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 226 කින් කොරෝනා වයිරස ආසාදිතයින් තුන්ලක්ෂ විසිදහසක ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 554 ක්.
ඊයේ දිනයේදී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ඕස්ට්‍රේලියාවෙන්. එම සංඛ්‍යාව 42,000 ට අධිකයි. එමෙන්ම ජපානයෙන් 38,000 ක් ඉතාලියෙන් 27,000 ක් හා දකුණු කොරියාවෙන් 25,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන මරණ 99 සිදුව ඇත්තේ රුසියාවෙන්. ඒත් සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 6,288,475 දක්වා ඉහළ ගියා. හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පනස් දෙකෝටි දොළොස් ලක්ෂයකට අධිකයි.
The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment