චීනය සමග ගනුදෙනු කරන ලොව පුරා රටවල් අතර,චීන සහභාගිත්වය සම්බන්ධයෙන් එක්තරා ආකාරයක තරගයක් පවතී. චීනය ලෝකය සමග මෑත කාලීනව පැවැත්වූ සම්බන්ධතා විමසීමේ දී සෘජුව හෝ වක්‍රව දේශපාලන මෙන්ම මිලිටරි මැදිහත්වීම් පිළිබඳ සලකුණක්වත් නොදැකීම විශේෂත්වයකි. ඔවුන්ට තිබුණේ ආර්ථිකමය වැඩපිළිවෙළකි. එනිසාම ලෝක මට්ටමින් ඔවුන්ට ප්‍රතිවිරුද්ධ, අසත්‍ය ප්‍රචාරණ ව්‍යාපාර ද දැකිය හැකිවිය. ඒ ඔවුන්ගේ වැඩපිළිවෙළට ඇතැම් රටවල් කලබල වීම නිසාය. උගන්ඩාවේ එන්ටැබේ ගුවන් තොටුපොළසිද්ධිය ඊට උදාහරණයකි.
චීනයේ යම් ආර්ථික වර්ධනයක් සිදුවන ඕනෑම අවස්ථාවක, එය චීනය සමග සහයෝගීතා පවත්වන රටවල් බුද්ධිමත්ව, උපක්රමිකව භාවිත කරන්නේ නම්, එය මනා අවස්ථා උදාකරනු ඇත.
පසුගිය කොවිඩ් වසංගත සමයේ වුවද තාවකාලික උස්පහත්වීම් පැවතියත් සමස්තයක් ලෙස චීනය, තම ජාතික ආර්ථිකය වර්ධනය කරගැනීම ඉතා වැදගත් කරුණකි. වර්තමාන පාලකයන්ගේ මූලික පුරෝකථනය, ලෝකයේ ඕනෑම රටකට ආර්ථිකමය මැදිහත්වීම් හරහා සහයෝගය ලබා දීමේ අරමුණයි. එසේම, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා යෝජනාකරන “විවෘතභාවයහා පොදු භාවිතය” යන සංකල්පය ආසියානු අපට මෙන්ම ලෝකයේ ඕනෑම රටකට සුබ පණිවිඩයකි.
ගෙවී ගිය වසර 10 තුළ චීනය, සමාජ හා ආර්ථික සංවර්ධනයේ විශාල ජයග්‍රහණ අත්පත් කරගෙන තිබේ. ලෝකය සමඟ වෙළඳපොළ අවස්ථා බෙදා ගනිමින් ලෝක ආර්ථිකප්රකෘතිය ප්‍රවර්ධනයට චීනය සෑම විටම කැමැත්තෙන්සිටී.එසේම චීනය සෘජු විදේශ ආයෝජන සම්බන්ධව එක්තරා අධ්‍යයන මූලාශ්‍රයක් විය යුතුය. ඔවුන්ගේ විවෘත ආයෝජන සංකල්පය ඉතාම වැදගත් තැනක් ගනී. මෙම විවෘත සංකල්පය විදේශීය ආයෝජකයන් සඳහා මනා සංවර්ධන වේදිකාවක් නිර්මාණයකර ඇති අතර,ජාත්‍යන්තර ප්‍රජාවට ඉහළ ධනාත්මක ශක්තියක්ලබා දී ඇත.
වසර 2017 –2020 අතර කාලයේ, ලෝකයේ විදේශ ආයෝජන ගලා එන දෙවන විශාලතම රට වූයේ චීනයයි. වත්මන් චීනය ලෝකයේ දෙවන විශාලතම ආර්ථික ඒකකය සහ විශාලතම නිෂ්පාදන රට බවට පත්වී ඇත. ලෝක ආර්ථිකයේ විශාල කොටසක් හසුරුවන අතරතුර, චීනය තම දේශීය වෙළඳපොළ විදේශ ආයෝජකයන්ට විවෘත කිරීමට ගෙන ඇති තීරණය වැදගත්ය. තමන්ගේ මවුබිමට පැමිණෙන විදේශ ආයෝජකයාගෙන් තම ආර්ථිකය වර්ධනය කරගන්නා ගමන්ම එම ප්රතිලාභ පුරවැසියාට ලබාදීමටත් චීනය සමත් වී තිබේ. මෙහිදී වර්තමාන ජනාධිපතිතුමාගේ සුවිශේෂී නායකත්වය ද අතිශය වැදගත් වේ. ඔහු සම්බන්ධයෙන් පවතින අසාමාන්‍ය පුරවැසි ජනප්‍රියත්වයටද මේ නූතන න්‍යායයන් බලපා තිබේ.
මේ විදේශ ආයෝජන සම්බන්ධයෙන් පළකරන විවෘතභාවය, චීනයේ කලාපීය වශයෙන්පවතින සුහදතාව වර්ධනයටත් හොඳ අවස්ථාවක් වනු ඇත.බටහිර ජනමාධ්‍ය චීනය සම්බන්ධයෙන් ගොඩනැගීමට උත්සාහ කළ චීන විරෝධී මතය මෙමගින් තුරන් ව යනු ඇත.
ආර්ථික බලවතෙකු ලෙස චීනයේ ස්ථාවරය සමස්ත ලෝකයේම ප්රගමනයට ඉවහල් වනු ඇත.
The post විවෘත චීනයෙන් සමස්ත ලෝකයටම ප්රතිලාභ හිමිවනු ඇත – පා.ම සංජීව එදිරිමාන්න appeared first on ITN News.
Post a Comment