සැළසුම් කළ පරිදි යුක්රේනයේ රුසියා යුද මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මක නොවන බව නේටෝ සංවිධානය නිවේදනය කරනවා.
නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් ප්‍රදේශය අත්පත් කර ගැනීමට මේ වනතෙක් රුසියාව සමත්වී නොමැති බව නේටෝ මහ ලේකම්වරයා පෙන්වා දෙනවා. පසුගිය පෙබරවාරි මාසයේ දී යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු අත්පත් කරගත් ප්‍රදේශයන්ගෙන් තුනෙන් එකක් පමණ මේ වනවිට රුසියාවට අහිමිවී ඇති බවයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ. යුක්රේනය එල්ලකරන ප්‍රතිප්‍රහාර හා රුසියා හමුදාවට අවශ්‍ය සැපයුම්දාම බිඳවැටීම ඊට හේතුවී ඇති බවද සඳහන්. මේ අතර නේටෝ සංවිධානයට ස්වීඩනය හා පින්ලන්තය එක්වීමට සූදානම් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
The post රුසියා යුද මෙහෙයුම් සාර්ථක නැහැ – නේටෝ සංවිධානය appeared first on ITN News.
Post a Comment